අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

දක්ෂිණ ලංකාවේ ගාලු දිස්ත්‍රික්කයේ පිහිටි ගිං ගං නදී දහරින් සේම සිහරජ වන පෙතින් හමනා මද නළේ පහසින් සුපෝෂිත උඩුගම අධ්‍යාපන කලාපය තුල නාගොඩ රාජකීය විදුහල් නාමය ඉහලින්ම සනිටුහන් වන්නකි.
කිතු වසින් වර්ෂ 1876 දී දොන් එලියස් අමරසිරි ජයසිංහ මුදලි තුමන් ගේ මූලිකත්වයෙන් ඇරඹි ස්ව භාෂා පාඨශාලාව නාගොඩ පුරවරයේ දහසක් දුවා දරුවන්ගේ අනාගතය තීරණය කරන සුවිශේෂී තෝතැන්නක් විය.ගුණ නැණ සපිරි සිසු දරු පරපුරක් බිහි කිරීමේ උදාර කර්තව්‍යයට එදා සිට අද දක්වා ම විදුමෑණියන් උර දෙන්නේ වසර 146 ක අභිමානවත් මෙහෙවරක උරුමය ලොවට කියාපාමිනි.
වර්තමානය වන විටත් රාජකීය විදු මෑණියන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ලොවට දායාද කළ සුජාත දූ පුතුන් බොහෝ යි.
ශිල්ප කලා විද්‍යා මෙන්ම විනය පෙරට නැංවූ රාජකීය විදුහල් මෑණියන් මේ මොහොතේත් ඇප කැප වන්නේ
" මනු දම් නැණ ඇති
ගත සිත සුව ඇති
ලොවටම වැඩ ඇති
රාජකීයයෙක්"
බිහිකිරීමේ පරමාභිලාශයෙනි.









