01. පැමිණීම
පෙ.ව. 7.25 වන විට පාසලට පැමිණ සිටිය යුතු අතර පෙ.ව. 7.25 න් පසු පැමිණෙන දරුවන් ප්‍රමාද වී පැමිණෙන දරුවන් සේ සලකණු ලැබේ. (විශේෂ අවස්ථාවකදී හැර අනෙකුත් දිනවල පෙ.ව. 6.50 ට පෙර පාසලට ඇතුළත්වීම නොකළ යුතුය)
02. නිල ඇදුම
පාසල විසින් සම්මත කර ගෙන ඇති ආකාරයට සකස් විය යුතුය. නිල ඇඳුම් විකෘති කිරීම, අලුතින් කොටස් එකතු කිරිම, ඇඟට තද වන සේ ඇඳීම සපුරා තහනම්ය.
-
සෑම පිරිමි ළමයෙකුම කොණ්ඩය කොටට කපා පැත්තට පීරා තිබිය යුතු අතර සෑම ගැහැණු ළමයෙකුම කොණ්ඩය දෙකට බෙදා කන් දෙක පෙනෙන සේ කරල් දෙකක් ගොතා තිබිය යුතුය. විවිධ කොණ්ඩ මෝස්තර හෝ ජෙල් ආලේපන භාවිතා කිරිම සපුරා තහනම් ය.
-
සියළුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් කළු සපත්තු හා සුදු මේස් පැළඳිය යුතුය. (විශේෂ හේතුවකදී විදුහල්පතිගේ අවසරය මත පමණක් රබර් සෙරප්පු පැළඳිය යුතුය)
-
සෑම පිරිමි ළමයෙකුගේම නිල ලාංඡනය කමිසයේ ඉදිරිපස සාක්කුවේ දකුණූ පසට බරව තිබිය යුතුයි.
-
ගැහැණු ළමුන් පාසලේ නිල ලාංඡනය සහිත කර පටිය පැළඳ සිටිය යුතුය.
03. පළදනා හා විලාසිතා
මාල,වළලු ,මුදු ,අත් පළඳනා,පා පලඳනා හෝ ඒ හා සමාන විලාසිතා සපුරා තහනම් ය. මෙවැනි සියලු පළඳනා පාසල තුළ රඳවා ගනු ලැබේ. ශිෂ්‍යාවන් සඳහා කරාබු පැළඳිය හැකි අතර එය පාසලට උචිත විය යුතුය.
-
ඇහි බැම සැකසීම, නිය පොතු වැවිම, රැවුල වැවීම, කොණ්ඩය ඉතා කොටට
කැපීම සපුරා තහනම් ය.
04. පාසල් ගමන් මලු
පාසල් සිසුන් සඳහා සකසා ඇති උර පටි දෙකක් හා බඳ පටි සහිත බෑග් පමණක් රැගෙන ආ යුතුය. වෙනත් සියලු බෑග් පාසල තුළ රදවා ගනු ලැබේ.
05. ආහාර පාන
ආහාර පාන හා ජලය කෑම පෙට්ටි වල හා පාසල් වතුර බෝතල් වල පමණක්
රැගෙන ආ යුතුය. වෙනත් බෝතල් පාසල් දොරටුව අසලදී රදවා ගනු ඇත. ( ආහාරවල ඉතිරි කොටස් නැවත නිවසට රැගෙන ගොස් බැහැර කිරීම සිදු කල යුතුය.)
06. අධ්‍යාපන කටයුතු
පාසල් පැවැත්වෙන සෑම දිනකම පාසල් පැමිණිය යුතු අතර නොපැමිණිය හොත් එයට හේතුව ලිඛිතව පන්ති භාර ගුරුවරයාට දැනුම් දිය යුතුය.
-
පාසල තුළ පැවැත්වෙන සෑම අමතර පන්තියකටම ශිෂ්‍යයන් අනිවාර්යෙන් සහභාගි විය යුතුය.
-
පන්ති මාරු වන අවස්ථාවක දී හැර පාසල් කාලය තුළ පන්ති කාමරයේ රැඳි සිටිය යුතුය.
-
පාසලේ ඉගැන්වීම් කටයුතු සිදු වන කාලය තුළ පන්ති කාමරයෙන් බැහැර වීමට අවශ්‍ය නම් ඔබේ පන්තියට ලබා දී ඇති විශේෂ අවසර පත්‍රය ලබා ගෙන බැහැර විය යුතුය. කිසිදු ශිෂ්‍යයෙක්/ශිෂ්‍යාවක් එම අවසර පත්‍රය අතැතිව හැර පාසලේ තැන් තැන්වල රැදී සිටිය නොහැක.
-
උසස් පෙළ සිසුන්ගේ පැමිණිම 80% විය යුතු අතර එසේ නොවුනහොත් විභාගය අයදුම් කිරිමට නොහැකි වනු ඇත.
-
පාසල් කාලය තුල පාට ඇඳුමෙන් සැරසී පාසලට නොපැමිණිය යුතුය.
-
සෑම විටම ගුරු මණ්ඩලයට, ශිෂ්‍ය නායකයින්‍ට සහ පන්ති නායකයින්ට අවනත විය යුතුය.
07. ජංගම දුරකථන භාවිතය
පාසලට ජංගම දුරකථන රැගෙන ඒම හෝ පාසල තුළ භාවිතය සපුරා තහනම් ය.
-
CD/DVD/PEN DRIVE/CHIP වැනි තාක්ෂණික උපකරණ පාසලට නිසි අවසරයකින් තොරව ගෙන ඒම නොකළ යුතුය.
08. භෞතික සම්පත්
පාසල තුළ ඇති සියලුම භෞතික සම්පත් ආරක්ෂා වන සේ පරිහරණය කල යුතුය. එම සම්පත් විනාශ කිරිම, විනාශ කිරිමට උදව් දීම නොකළ යුතුය. එසේ විනාශ කරන කෙනෙකු දැනගතහොත් නාමිකව හෝ නිර්නාමිකව පාසල් පරිපාලනයට දැනුම් දීම ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ගේ යුතුකමකි. මෙම පාසලේ සම්පත් විනාශ කිරිමට සම්බන්ධ වුවහොත් යථාතත්ත්වයට පත් කිරිම සඳහා වැය වන මුදල අය කර ගැනීමට ක්‍රියා කෙරේ.
09. පාසලට අයවිය යුතු විවිධ ගාස්තු
සේවා හා ආරක්ෂක ගාස්තු වැනි විවිධ අරමුදල් නිසි වේලාවට ගෙවිය යුතුය. ප්‍රමාද වීමක් සිදු වන්නේ නම් ඒ පිළිබඳව විදුහල්පති දැනුවත් කළ යුතුය.
10. පාසල් හා බාහිර කටයුතු
පාසල් කාලය තුළ දී මෙන් ම පාසල් වේලාවෙන් පසු පාසලෙන් පිටත දි හැසිරිම පාසල් ශිෂ්‍යා / ශිෂ්‍යාවකට ගැලපෙන පරිදි විය යුතුය. පාසලේ විනය නීති රීතිවලට අනුගත නොවීම තුළ ඔබ විනාශ කරගන්නේ ඔබේ අනාගතයයි. පාසලේ කීර්තිනාමයයි.
-
පාසල් කාලය තුළ නිසි අවසරයකින් තොරව බැහැරවීමද දඬුවම් ලැබිය හැකි වරදකි. මව්පියා භාරකරුගේ ලිඛිත ලියමනක් මත පමණක් වේලාවට පෙර බැහැර වීම පමණක් සැලකිය හැකිය.
-
ඉහත සඳහන් විනය නීතිරීති කඩ කරන ශිෂ/ශිෂ්‍යාවන්‍ට පාසලේ විනය මණ්ඩලය ගනු ලබන විනය ක්‍රියා මාර්ගවලට යටත්වීමට සිදු වනු ඇත. එම විනය ක්‍රියාමාර්ග , අවවාද කිරිමේ සිට පාසලෙන් ඉවත් කිරිම දක්වා වු පරාසයක විය හැකි බව ද අවධාරණය කෙරේ.