නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
නාගොඩ රාජකීය ජාතික පාසල

එදා සිට අද දක්වාම දැයට විසල් දරුපරපුරක් දායාද කළ දීප්තිමත් පාසලක් වන අප රාජකීය විදු පියස ශිල්ප,කලා ,විද්‍යා ආදී විවිධ ක්ෂේත්‍රයන්ගෙන් ජයග්‍රහණය රැසකට සාඩම්බර හිමිකම් කියන්නකි.මේ වන විට රාජකීය විදුමව් උණුසුම ලත් සුජාත දූ පුත්තු විවිධ අංශයන්ගෙන් රට රට දැය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කිරීමේ කර්තව්‍යය ට උරදෙමින් සිටිති.
ඒ අතර විද්‍යාලයීය තාක්ෂණික කටයුතුවලදීතොරතුරු තාක්ෂණික අංශයෙන් ඉටුකරන ලද සුවිශේෂී කාර්‍යභාරය වෙසෙසින් අගයමි.එමෙන්ම පාසල වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණයකොට ඇති මේ මොහොතේ එය අගය කරනා අතර, සන්නිවේදන ක්‍රියාවලිය උදෙසා ඵලදායි ලෙස යොදා ගනු ඇතැයි නිරතුරුවම මම අපේක්ෂා කරමි.අවසාන වශයෙන් මෙම කටයුතු සාර්ථක කර ගැනීම සදහා නන් අයුරින් සහාය දැක්වූ සැමට කෘතවේදී වෙම්.රාජකීයයනි, ඔබට පැහැබර අනාගතය ක් පතමි ....

එල්.එන්.ජී.ප්‍රියානි පත්මකාන්ති
නියෝජ්‍ය විදුහල්පති,
නාගොඩ රාජකීය ජාතික පාසල