• (+94) 91-2296479
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Nagoda Royal College.

ගා/ නාගොඩ රාජකිය ජාතික පාසල

Udugama Zone

  • Register
  • Login
Nagoda Royal College.

ගා/ නාගොඩ රාජකිය ජාතික පාසල

Udugama Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
      • විභාග ප්‍රතිඵල විශ්ලේෂණය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 


සුන්දර කඳු වලල්ලකින් වට වූ ,කෙත් වතු මිටියාවත්  පසු කරමින් ගලා යන මනරම් ගිං ඟං කොමලියගේ සිසිලසින් පෝෂණය වූ නාගොඩ ග්‍රාමයේ ඉතිහාසය ගවේෂණය කරන්නෙකුට එක්දහස් අටසිය හැත්තෑහය වර්ෂය කිසිසේත්ම මගහැර යා නොහැකිය.ඒ් නාගොඩ ගම්වාසී අවිහිංසක මිනිසුන්ගේ ජීවිත වලට තම දුවා දරුවන්ගේ අනාගතය පිළිබදව නැවුම් බලාපොරොත්තුවක් ඒකතු කර ගන්නට අවස්ථාවක් උදා කරමින් දොන් එලියස් අමරසිරි ජයසිංහ මුදලිතුමාගේ මුලිකත්වයෙන් ස්ව භාෂා පාඨශාලාවක් ආරම්භ වීම නිසාය. ගුරුවරුන් දෙදෙනෙකුගෙන් හා දරුවන් පනස් දෙනෙකෙුගෙන් ආරම්භ කළ මෙකී තක්සලාවේ නියමුවා ලෙස භාරදුර කාර්යයක් තම දෙවුර මත රදවා ගනිමින් නාගොඩ ජනතාවගේ අනාගත සිහින යථාර්ථයක් කිරිමට වෙහෙසුණු, කැපවුණු මුල් ගුරුතුමා වනුය‍ේ පී.ඩී.එස්. ඒ්කනායක මැතිතුමා යි.

2022 වර්ෂය වන විට වසර 146ක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන අප විද්‍යාලය පුරා වසර 145ක කාලය තුළ රටේ සෑම ක්ෂේත්‍රයකම ජය කෙහෙළි නංවන විද්‍යාර්ථයින් රැසක් දැයට දායාද කොට ඇති බව අප සදහන් කරන්න‍ේ නිහතමානී ආඩම්බරයකිනි.

1952 දී වික්ටර් මහානාම අමරසිරි ජයසිංහ මැතිතුමා ඔහු සතු වු බටපොල කන්ද නම් වූ අක්කර 10ක රබර් ඉඩම විද්‍යාලයට පරිත්‍යාග කිරිමෙන් පෞද්ගලික භූමියක් අනාගත පරපුරකට ක්ෂේම භූමියක් බවට පත් විය. 

විද්‍යාලයේ පළමු මුල් ගුරු ඒකනායක මැතිතුමාගේ වසර 26 සේවා කාලයෙන් අනතුරුව ඩී.එස්.කන්නන්ගර, එම්.ආර්.ඩබ්.ප්‍රේමරත්න, ඩී.එම්.බාලසූරිය විදුහල්පතිවරුන් විද්‍යාලයට ලබාදුන් නායකත්වය පැසසිය යුතුය. විදුහල් ඉතිහාසයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 1958.06.18 අ.පො.ස(උසස් පෙළ) ආරම්භ විය.

ඩබ්.බී.විතානගී මැතිතුමා, විදුහල්පති ධූරය දැරු සමයෙහිල 1959 වර්ෂයේ දී එවකට ගරු අග්‍රාමාත්‍යවරයාව සිටි විජයනන්ද දහනායක මැතිතුමාගේ මුලිකත්වයෙන් ප්‍රථම දෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබිණි. මෙතුමාගෙන් පසු විදුහල්පති ධූරයට පත් වූ චිත්‍රපාල සහබන්දු මැතිතුමාගේ සමයේ එවකට ගරු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සපැමිණ බුදු මැදුරකට මුල්ගල් තැබීමත්, බෝධිය රෝපණය කිරීමත් විදුහල් ඉතිහාසයේ සොදුරු මතකයන් බව සිහිපත් කළ යුතුය. 1972 උසස් පෙළ වානිජ්‍ය අංශය ආරම්භ කරමින් නාගොඩ දරු දැරියන්ට අධ්‍යාපන අවස්ථ පුළුල් කරදීමට එවකට විදුහල්පති නන්ද්සේන ඉලේපෙරුම මහතා නායකත්වය ලබාදුණි. විදුහල යම් පසුබෑමකට ලක්ව තිබු අවධියක 1978 වර්ෂයේදී විදුහලට පත්ව එන නියමුවාණන් ලාංකීය අධ්‍යාපනයේ ම නියමුවාණන් වේ යැයි එදා කිසිවෙකුවත් සිතන්නට නැත. ඔහු අන් කවරෙකුවත් නොව මෙරට කීර්තිමත් අධ්‍යාපන අමාත්‍යවරයෙකු වූ ආචාර්‍ය රිචඩ් පතිරණයන්ය. ප්‍රදේශයේ ප්‍රභූන්ගේ, දානපතියන්ගේ සහය ලබා ගනිමින් පාසලේ භෞතික සංවර්ධනයක් සිදුකළා සේම විනයගරුක දරු පරපුරක් රටට දායාද කිරීමට අවැසි නායකත්වය ලබා දුණි. මුදලිගේ සමූහ ව්‍යාපාර අධිපති දිවංගත මුදලිදු එන්.ඩබ්.ජේ.මුදලිගේ මැතිතුමාගේ ධන පරිත්‍යාගයෙන් මුදලිගේ ශාලාවත්, දානපති වැයිහේන සමූහ ව්‍යාපරයේ අධිපතිව සිටි එච්.ඒ.ඩබ්. සෙනෙවිරත්න මැතිතුමාගේ ධන පරිත්‍යාගයෙන් ගෘහ විද්‍යාගාරයත් අනාගත් පරපුරට උරුමකර දීමට ආචාර්ය රිචඩ් පතිරණයන් ලබාදුන් නායකත්වය අගය කල යුතුය. අ.පො.ස උසස් පෙළ විද්‍යාගාරය, පාසල් පුස්තකාලය රාජ්‍ය අනුග්‍රහය මත පාසලට ලබා ගැනීමට එතුමා කටයුතු කළාය. මුදලිගේ ශ්‍රවණාගාරයට මුල් ගල් තබීම සදහා 1979.08.18 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා පැමිණීම ද අප විද්‍යාලයේ ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවකි.

විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වරට විදුහල්පති ධුරයට ආදි රාජකීයෙකු පත් වීම සනිටුහන් වන්නේ යු.කේ.පුණ්‍යසිරි මැතිතුමාගේ සම්ප්‍රාප්තිය සමගිනි. පාසල් භූමි අලංකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමෙන් පාසල් දැකුම්කළු ස්ථනයක් බවට පත් කිරීමට එතුමා ගත් උත්සාහය සැබවින්ම ප්‍රසංශා කළ යුතුය.

 පාසලේ ඉතිහාසය පිරිස්සන්නෙකුට කේ.එම්.ජී.බී.ජයසූරිය චරිතය ද අමතක කළ නොහැක. වසර 08 ක පමණැ කාලයක් අප විදයාලයට නායකත්වය දුන් අතර, මෙම විද්‍යාලය 1997.05.05 දින ජාතික පාසලක් බවට පත් වන්නේ ද එතුමාගේ පාලන සමයේ දීය. විද්‍යාලයේ කීර්තිමත් විදුහල්පතිවරයෙකු ලෙස ප්‍රජාවගේ නොමද ගෞරවාදරයට එතුමාගේ සමයේ දී "කාශප්‍ය" නම් දෙමහල් ගොඩනැගිල්ලද, "ධාතුසේන" නම් තෙමහල් ගොඩනැගිල්ල ද ලබා ගැනීමට දක්වා ඇති උත්සාහය අගය කල යුතුය. එම ගොඩනැගිලි ලබා දීමට අවැසි සරිසරය නිර්මාණය කර දුන් එවකට විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මැතිතුමා හා ආචාර්ය රිචඩ් පතිරණ මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමාගේද සහය ලැබුණි.

ආරම්භ කළ වර්ෂය

1876

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

52

මුල් ගුරුතුමාගේ නම

පී.ඩී.එස්.ඒකනායක මැතිතුමා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

ගා/නාගොඩ රාජකීය ජාතික පාසල

පාසල පැවැත්වූ ස්ථානය

වර්තමාන නාගොඩ පොලිසිය අසල

 

 

Nagoda Royal College.

ගා/ නාගොඩ රාජකිය ජාතික පාසල

Udugama Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය B454, Nagoda, Galle
  • දුරකථන(+94) 91-2296479
  • ෆැක්ස්(+94) 91-2296479

Supported By

© 2026 Nagoda Royal College.. All rights reserved. Design with by Webcomms Global | Help Desk