images/WhatsAppImage2022-09-27at84514AM.jpeg
images/WhatsApp_Image_2022-09-27_at_84515_AM_1.jpeg
images/WhatsApp_Image_2022-09-27_at_84510_AM.jpeg
images/WhatsApp_Image_2022-09-27_at_84516_AM_2.jpeg
images/WhatsAppImage2022-09-27at84514AM1.jpeg
PlayPause
previous arrow
next arrow

 


පාසලේ දැක්ම

 

"මනු දම්,

නැණ ඇති - ගත සිත සුව ඇති

ලොවටම වැඩ ඇති රාජකීයයෙක්."

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

දක්ෂිණ ලංකාවේ ගාලු දිස්ත්‍රික්කයේ පිහිටි ගිං ගං නදී දහරින් සේම සිහරජ වන පෙතින් හමනා මද නළේ පහසින් සුපෝෂිත උඩුගම අධ්‍යාපන කලාපය තුල නාගොඩ රාජකීය විදුහල් නාමය ඉහලින්ම සනිටුහන් වන්නකි.

කිතු වසින් වර්ෂ 1876 දී දොන් එලියස් අමරසිරි ජයසිංහ මුදලි තුමන් ගේ මූලිකත්වයෙන් ඇරඹි ස්ව භාෂා පාඨශාලාව නාගොඩ පුරවරයේ දහසක් දුවා දරුවන්ගේ අනාගතය තීරණය කරන සුවිශේෂී තෝතැන්නක් විය.ගුණ නැණ සපිරි සිසු දරු පරපුරක් බිහි කිරීමේ උදාර කර්තව්‍යයට එදා සිට අද දක්වා ම විදුමෑණියන් උර දෙන්නේ වසර 146 ක අභිමානවත් මෙහෙවරක උරුමය ලොවට කියාපාමිනි.

වර්තමානය වන විටත් රාජකීය විදු මෑණියන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ලොවට දායාද කළ සුජාත දූ පුතුන් බොහෝ යි.

ශිල්ප කලා විද්‍යා මෙන්ම විනය පෙරට නැංවූ රාජකීය විදුහල් මෑණියන් මේ මොහොතේත් ඇප කැප වන්නේ
" මනු දම් නැණ ඇති
ගත සිත සුව ඇති
ලොවටම වැඩ ඇති
රාජකීයයෙක්"

බිහිකිරීමේ පරමාභිලාශයෙනි.

 

 

Read More

 

පාසලේ මෙහෙවර

 

"අනාගත වැඩ ලෝකයේ විශිෂ්ටයෙකු වීමට

අවශ්‍ය නිපුණතා අත්පත් කර ගත්

ගුණයෙන් හා ඥණයෙන් පිරිපුන් මෙන්ම

මානසික කායික නිරෝගී බවින් යුතු

විචාරශීලීනිර්මාණශීලී ගවෙිෂණශීලී

රාජකීයයකු බිහි කිරීම සදහා අවැසි

පරිසරය නිර්මාණය කිරීම."

 

Notice Board

රාජකීය අභිමන් -2023

ක්‍රීඩා ඇදුම් සකස්කර ගැනීම සදහා අනුග්‍රාහක භවතෙකු අවශ්‍යයි.

G/Nagoda Royal College